නාමල්ගේ ක්‍රිෂ් නඩුව නිතීපතිගේ විශේෂ මෝසමක් අනූව අද යළි කැඳවයි

ක්‍රිෂ් ගනුදෙනුවේදී රුපියල් මිලියන 70ක මුදලක් සාපරාදී සාවද්‍ය පරිහරණය කළේ යැයි කියන පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට නීතිපතිවරයා පැවරූ නඩුව කොළඹ මහාධිකරණ අද (25) දින යළි කැඳවීමට නියමිතය.

අදාල නඩුව පසුගිය 29 වැනි දින කැඳ වූ අවස්ථාවේදී නඩුවේ සාක්ෂි විභාග කිරීම ජූලි මස 07 දිනට නියම කිරීමට මහාධිකරණය නියෝග කළ අතර නීතිපතිවරයා ඉදිරිපත් කළ විශේෂ මෝෂමක් අනුව අද දින කැඳවීමට නියමිතය.

මෙම නඩුවේ සාක්ෂිකරුවන් විදේශගතව සිටින බැවින් ඒ සම්බන්ධයෙන් විශේෂ ඉල්ලීමක් අධිකරණයට ඉදිරිපත් කිරීමට නඩුව කැඳවන ලෙස නීතිපතිවරයා සිය මෝසම මගින් ඉල්ලා ඇති බව පැවසේ.

රග්බි ක්‍රීඩාවේ ප්‍රවර්ධනයට බව සඳහන් කරමින් ඉන්දියාවේ ක්‍රිෂ් සමාගමෙන් රුපියල් මිලියන හැත්තෑවක මුදලක් ලබාගෙන සාපරාදී සාවද්‍ය පරිහරණය සිදු කළේ යැයි චෝදනා කරමින් නීතිපතිවරයා විසින් පාර්ලිමේන්තුව මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට එරෙහිව මෙම නඩුව ගොනු කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *