සංවිධානාත්මක අපරාධකරුවෙකු වන නඳුන් චින්තක නොහොත් “හරක් කටා” නමැත්තා සම්බන්ධයෙන් වූ රුපියල් ලක්ෂ 1200 ක දැවැන්ත අල්ලස් ලබාගැනීමේ සිද්ධියකට අදාළව හිටපු අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතාගේ පුත්‍රයෙකු වන රඛිත රාජපක්ෂ සහ හොරණ සභා සංවිධායක චරිත් අබේසිංහ යන අය අල්ලස් කොමිසම මඟින් අත්අඩංගුවට ගෙන තිබේ.
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා ගැනීමේ නියෝගවලින් “හරක් කටා” ඉවත් කර, ඔහුව වෙනත් බන්ධනාගාරයකට යොමු කිරීමටත්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු (CID) නිලධාරීන්ට අල්ලස් ලබා දී සාමාන්‍ය සිරකරුවෙකු ලෙස රඳවා ගැනීමටත් කටයුතු කිරීම සඳහා මෙම රුපියල් ලක්ෂ 1200 ක මුදල අල්ලස් වශයෙන් ලබාගෙන ඇති බවට චෝදනා එල්ල වී ඇත.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මඟින් ඉදිරි විමර්ශන කටයුතු සිදු කරනු ලබයි.