අඩු මිලට ලබාගැනීමට හැකි නව මත්පැන් නිෂ්පාදනයක් කඩිනමින් ජනතාවට හඳුන්වාදීමට කටයුතු කරන බවට සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා සිදු කළ ප්‍රකාශයට ජාතික සංඝ සම්මේලනය සිය දැඩි අප්‍රසාදය පළ කර තිබෙනවා.
ඒ බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට ලිඛිතව දැනුම්දීමටයි එම සභාව කටයුතු කර ඇත්තේ.
මෙය අතිශය ඛේදජනක අප්‍රසන්න පුවතක් වන බවත් අතර සුරාබදු කොමසාරිස් ජනරාල්වරයාගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් බරපතළ සැකයක් ද උපදින බවත් ජාතික සංඝ සම්මේලනය එම ලිපියෙන් පෙන්වාදී තිබෙනවා.
රටේ ක්‍රියාත්මක නීතිය (දුම්කොළ හා මධ්‍යසාර අධිකාරී පනත) අනුව රටේ මත්ද්‍රව්‍ය ප්‍රචලිත කිරීම සඳහා ක්‍රියාකිරීම නීතිවිරෝධී කටයුත්තක් වනවා.
රාජ්‍ය නිලධාරියකු ලෙස සුරාබදු කොමසාරිස් මෙම නීතිය හිතාමතාම උල්ලංඝනය වන පරිදි ක්‍රියාකරන්නේ දේශපාලන වශයෙන් ඔහුට සහයෝගයක් ලැබී තිබීම හේතුවෙන් ද යන ප්‍රශ්නය මතු වන බවයි, ජාතික සංඝ සම්මේලනයේ මහලේකම් කට්ටකඩුවේ සුමනරතන හිමි ජනාධිපතිවරයා වෙත යොමුකර ඇති ලිපියෙහි දැක්වෙන්නේ.