තමන්ගේ වසර 50 ක දේශපාලන ජීවිතය අළලා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ස්වකීය චරිතාපදානය රචනා කිරීමට සැරසෙන බව වාර්තා වෙයි. 1973 වසරේ බියගම ආසන සංවිධායක ලෙස දේශපාලනයට පිවිසි හෙතෙම 1977 සිට 2022 දක්වා පාර්ලිමේන්තුවේ කතානායක ධුරය හැර අන් සියලු තනතුරු දැරූ ජ්‍යෙෂ්ඨතම දේශපාලනඥයෙකි. අනතුරුව 2022 සිට 2024 දක්වා මෙරට 8 වැනි විධායක ජනාධිපතිවරයා ලෙස කටයුතු කළේය.
1994 සිට එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය දරන රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධුරයෙන් ඉවත් වීමෙන් පසු දැනට ජාත්‍යන්තර දේශකයෙක් ලෙස කටයුතු කරමින් සිටී. දැනට මෙරට ජීවතුන් අතර සිටින දේශපාලනඥයන් අතරින් ජ්‍යෙෂ්ඨත්වය අතින් රනිල් වික්‍රමසිංහ මහතා දෙවැනි වන්නේ 1970 පාර්ලිමේන්තුවට පිවිසි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ හිටපු ඇමැති වාසුදේව නානායක්කාර යන මහත්වරුන්ට පමණි.