නව ව්‍යවස්ථාවක් කඩිනමින් අවශ්‍ය බව කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසනවා.
රටේ ප්‍රජාතන්ත්‍රවාදය සහ එකමුතුකම ආරක්‍ෂා කර ගැනීම සඳහා එලෙස නව ව්‍යවස්ථාවක් අවශ්‍ය බවයි කාදිනල් හිමියන් පැවසුවේ.
ඒ, කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා කොළඹ අගරදගුරු නිල නිවසට ගොස් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් බැහැ දැක ආශිර්වාද ලබා ගත් අවස්ථාවේ මේ බව කියා සිටියා.