අල්ලස් හෝ දූෂණ නඩු විභාග කිරීම සඳහා ඊයේ (22) සිට ක්රියාත්මක වන පරිදි අධිකරණ සේවා කොමිසම නව මහාධිකරණයක් ස්ථාපිත කර ඇත. කොළඹ මහාධිකරණ අංක 6 විනිසුරු එම්.එම්.එම්. මිල්හාන් මහතා ඉදිරියේ මේ නඩු විභාග වේ.
අල්ලස් නඩු විශාල ප්රමාණයක් පවතින බැවින් අනෙකුත් නඩු සමඟ ඒවා විභාග කිරීමේදී ප්රමාදයක් සිදු වන නිසා කඩිනමින් තීන්දු ප්‍රකාශ කිරීමට විශේෂිත මහාධිකරණ තුනක් ස්ථාපිත කරන ලෙස අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් රංග දිසානායක මහතා අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතාගෙන් ඉල්ලීමක් කර ඇත.
ඒ අනුව නව අධිකරණ දෙකක් ස්ථාපිත කිරීමට අධිකරණ සේවා කොමිසම සභාව තීරණය කර තිබේ. එයින් එක් මහාධිකරණයක් මේ වන විට ස්ථාපිත කර ඇති අතර, අනෙක් මහාධිකරණය ද ඉදිරියේදී ආරම්භ කිරීමට නියමිතය.
අල්ලස් හෝ දූෂණ සිද්ධි සම්බන්ධයෙන් කොමිසමට 2024දී පැමිණිලි 4,000කට ආසන්න ප්රමාණයක් ලැබී තිබෙන අතර, 2025 වසරේ ඉකුත්ව ඇති මාස අටේ පමණක් කොමිසමට පැමිණිලි 4,626ක් ලැබී ඇත.