මන්ත්‍රී වෙන්න කිසිම පලපුරුද්දක් ඕනේ නෑ – හිටපු මැකෝ මහින්ද දේශප්‍රිය කියයි

එදා මෙදාතුරු කිසිදු ආණ්ඩුවකට හිමි නොවූ බලයක් මාලිමාණ්ඩුවට ලැබී තිබුණ ද බලය දූෂණය කරන අතර අසීමිත බලය අසීමිතව දූෂණය කරන බව ද සිහිපත් කළ යුතු යැයි හිටපු මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය පවසයි.

එහෙත් වර්තමාන ආණ්ඩුව එම තත්ත්වයට නොවැටෙනු ඇත යන්න ජනතාවගේ බලාපොරොත්තුව බව ද ජවිපෙ මහ ලේකම් එම බලය පරිස්සමින් භාවිත කරන බව ප්‍රකාශ කිරීම අගය කරන බව ද ඔහු සඳහන් කරයි.

වර්තමාන පාර්ලිමේන්තුවේ බහුතරයකට පළපුරුද්ද නැතැයි ඇතැමුන් සඳහන් කළ ද විවාහට පෙර ගොස් පළපුරුද්ද ඇති කරගන්නේ දැයි මහින්ද දේශප්‍රිය ප්‍රශ්න කරයි. අලුත් මන්ත්‍රීවරුන් පැරණි අයගේ යහපත් දේ උකහා ගනිමින් සිය පක්ෂයේ අත්දැකීම් සහිත අයගේ ගුරුහරුකම් ලබමින් ජනතා සේවය සඳහා කැපවිය යුතු බව ද ඔහු අවධාරණය කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *