සුදුසුකම් නැතිව ඉහළට ගිය පොලිස් ලොක්කන් ගැන සෙවීම අරඹයි

සුදුසුකම් නොමැතිව වසර ගණනාවක් තිස්සේ උසස්වීම් ලැබූ පොලිස් නිලධාරීන් පිළිබඳව විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇත.

මෙම පොලිස් නිලධාරීන් ඇතැම් ප්‍රබල දේශපාලනඥයන්ගේ ඕනෑ එපාකම් මත විවිධ පරීක්ෂණ අතරමඟ නතර කර ඇතැයි ද සාක්ෂි සටහන් කර ගනිමින් නියමිත පුද්ගලයන්ගෙන් පවා ඇතැම් පොලිස් ප්‍රධානීන් කටඋත්තර ගෙන නැතැයි ද ආරංචි මාර්ග පවසයි. මේ අතර පාස්කු ප්‍රහාරය සම්බන්ධ විමර්ශනවලදී මඟ හැරුණු සාක්ෂිකරුවන් සොයා ඔවුන්ගෙන් ද සාක්ෂි සටහන් කර ගැනීමට පොලිසිය මේ වනවිට කටයුතු කරමින් සිටී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *