නවක මන්ත්‍රීවරුන් කිසිවෙක් ගිනි අවි ඉල්ලුම් නොකරයි

නවක මන්ත්‍රීවරුන් කිසිවෙක් මේ දක්වා ගිනි අවි ඉල්ලුම් කර නැතැයි පාර්ලිමේන්තුව පවසයි.  පාර්ලිමේන්තු මහ ලේකම් කුෂාණි රෝහණධීර සඳහන් කළේ කිසියම් මන්ත්‍රීවරයෙක් ගිනි අවි ඉල්ලා සිටින අවස්ථාවක නිර්දේශ ලබා දීමට පියවර ගන්නා බවය.

කෙසේ වෙතත් මන්ත්‍රීරවරුන් 95 දෙනෙක් නිල නිවාස ඇති බව මහලේකම්වරිය පවසයි.

මේ වනවිට නිවාස 45ක් පමණ ප්‍රතිසංස්කරණය කර අවසන් බවත් සෙසු නිල නිවාස ද කඩිනමින් ප්‍රතිසංස්කරණයට පියවර ගන්නා බවත් ඇය ප්‍රකාශ කරයි.

මේ සතිය අවසන් වන විට නිල නිවාස මන්ත්‍රීවරුන් සඳහා මුදා හැරීමට පාර්ලිමේන්තුව අපේක්ෂා කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *