ඛණිජතෙල් මත නිෂ්පාදන බද්දෙන් ලද ආදායම ඉකුත් වසරේ (2023) පළමු මාස අට ට සාපේක්ෂව මෙම වර්ෂයේ (2024) පළමු මාස අට තුළදි රුපියල් බිලියන 139.3ක් දක්වා සියයට 137.4කින් කැපිපෙනෙන ලෙස වැඩිවි ඇති බැව් ශ්‍රිලංකා පාර්ලිමේන්තුවට ඉදිරිපත්කොට ඇති පූර්ව මැතිවරණ අයවැය තත්ත්වය පිළිබඳ වාර්තාවේ සදහන් වේ.
මෙම වර්ෂයේ පළමු කාර්තුව තුළ ආර්ථික වර්ධනයත් සමග ඉල්ලුම ඉහළයාම හේතුවෙන් ඛණිජතෙල් මත නිෂ්පාදන බද්දෙන් ලද ආදායම කැපී පෙනෙන ලෙස වැඩිවි ඇත.
ඉකුත් වර්ෂයේ මුල්මාස අට තුළදි ඛණිජතෙල් මත නිෂ්පාදන බද්දෙන් ලද ආදායම රුපියල් බිලියන 58.7ක් විය. ඒ අනුව ඉකුත් වර්ෂයේ මෙම කාලපරිච්ජේදයට සාපේක්ෂව මෙම වර්ෂයේ මුල්මාස අට තුළ ඛණිජතෙල් මත නිෂ්පාදන බද්දෙන් ලද ආදායම රුපියල් බිලියන 80.6 කින් වැඩිවි ඇත.
2023 වර්ෂයේ ජුනිමස 01 සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන ලීටරයක් මත රුපියල් 25ක නිෂ්පාදන බද්දක් පනවා තිබුණි. 2024 වර්ෂයේ ජනවාරි මස 01 වැනිදින සිට ඩීසල් ලීටරයක් මත පනවා තිබු නිෂ්පාදන බද්ද රුපියල් 06කින් සහ පෙට්‍රල් ලීටරයක් මත පනවා තිබු නිෂ්පාදන බද්ද රුපියල් 05කින් අඩුකරනු ලැබිය.
මේ හේතුවෙන් ඉන්ධන සදහා වු නිෂ්පාදන බද්දේ ශුද්ධ වැඩිවම හා ඉන්ධන කෝටා ක්‍රමය ඉවත්වීමත් සමග ආනයනය වැඩවී ඇති බවද මෙම වාර්තාවේ සඳහන් වේ.