නුගේගොඩ විපක්ෂයේ දැවැන්ත රැලියට හිටපු ජනාධිපතිවරුන් සහභාගී නොවීමට තීන්දු කරයි

නුගේගොඩදී ලබන 21 වැනිදා පැවැත්වෙන ඒකාබද්ධ විපක්ෂයේ මහජන රැලියට හිටපු ජනාධිපතිවරුන් කිසිවකු සහභාගි නොවන බව වාර්තාවේ.

කෙසේ වෙතත් මෙම රැලියට මහින්ද රාජපක්ෂ, රනිල් වික්‍රමසිංහ, චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, ගෝඨාභය රාජපක්ෂ සහ මෛත්‍රිපාල සිරිසේන යන හිටපු ජනාධිපතිවරුන්  ආශිර්වාදය පළකර ඇත.

රැස්වීමට හිටපු ජනාධිපතිවරුන් සහභාගි නොවීම වඩාත් සුදුසු බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නායකයන්ගේ මතයවී තිබෙන බව දැනගන්නට ඇත.

මෙම රැස්වීමේ සංවිධාන කටයුතු සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් මහතාගේ නිවසේදී සාකච්ඡාවට ගණනාවක්ම පැවැත්වී ඇත.



Leave a Reply

Your email address will not be published. Required fields are marked *