වැල නොකැඩී සංචාරකයින් ලංකාවට – නොවැම්බර් පළමු දින 06 ට 30,000ක් එයි

මෙම මාසයේ ගෙවුණු දින 6 තුළ සංචාරකයින් 30,620ක් මෙරටට පැමිණ ඇතැයි ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.

සංචාරකයින් 16,51,335 දෙනෙකු වසරේ මේ දක්වා කාළය තුළ මෙරටට පැමිණ ඇති බවත්  එම අධිකාරිය පවසයි.

ඉන් වැඩි දෙනෙකු ඉන්දීය සංචාරකයින් වන අතර එම සංඛ්‍යාව 330,758කි.

රුසියාව, ඉන්දියාව, ජර්මනිය, බි්‍රතාන්‍යය, චීනය, ප්‍රංශය, ඕස්ටේ්‍රලියාව ආදී රටවලින් මෙරටට සංචාරකයින් වැඩි වශයෙන් පැමිණ ඇතැයිද ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.

2023 වසරේදී මෙරටට පැමිණි සංචාරකයින් සංඛ්‍යාව දාහතර ලක්ෂ අසූහත්දහස් තුන්සිය තුනකි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *