ජනපති අනුර සහභාගි වූ සටන වැඩසටහන මිලියනයක් නරඹයි

අනුර කුමාර දිසානායක මහතා ජනාධිපතිවරයා ලෙස පත්වීමෙන් අනතුරුව සහභාගී වූ පළමු දේශපාලන සංවාද වැඩසටහන වූ සිරස සටන Youtube හරහා පමණක් මේ වනවිට නරඹා ඇති ප්‍රමාණය මිලියනය ඉක්මවා ගොස් තිබෙනවා.

එම වැඩසටහන සජීවී ලෙස විකාශය වී පැය 22ක් පසු වූ විට එහි නැරඹුම් වාර ප්‍රමාණය මිලියනය ඉක්මවා ගොස් තිබූ අතර එම ගණන සටහන් වූයේ

1,058,229ක් ලෙසටයි.

ජනාධිපතිවරයා එම වැඩසටහනේ දී දැක්වූ අදහස් කෙටි වීඩියෝ පට ලෙස ද සිරස මාධ්‍ය ජාලයේ Newsfirst Sri Lanka Youtube නාලිකාවට එක් කර ඇති අතර ඒවාද නැරඹුම් වාර ලක්ෂ 2, එක්ලක්ෂ පනස් දහස සහ ලක්ෂයේ සීමාව ඇතුළු විශාල නැරඹුම් වාර ප්‍රමාණයක් ලබාගෙන තිබුණා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *