ආණ්ඩුවේ මන්ත්‍රීන් වැටුප් නොගෙන වැඩ කරන්න තීන්දු කරයි

ජාතික ජන බලවේගයෙ යටතේ මෙවර පාර්ලිමේන්තුවට පත්වී සිටින සියළුම මන්ත්‍රීවරුන් සහ පත් කරන ඇමතිවරුන් සියලුම දෙනා වැටුප් නොගෙන රාජකාරී කිරීමට සූදානම් බව එම පක්ෂයේ පාර්ලිමේ අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සුසන්ත කුමාර මහතා සඳහන් කරයි.

ඒ සඳහා වන එකඟතාවය මූලිකවම තීන්දු කරගෙන අවසන් බවද හෙතෙම කියා සිටියේය.

මාධ්‍ය හමුවක් අමතමින් හෙතෙම මෙම අදහස් පළ කළේය.

වසර හැත්තෑ හයක් තිස්සේ සතුටින් ජීවත් වීමේ සිහිනියක් ජනතාව දුටු බවද පැවසූ විපක්‍ෂය කියන පරිදි වර්තමාන ආණ්ඩුව කෙටි කලක් තුළ බිඳ නොවැටෙනු ඇති බවද හෙතෙම එහිදී කියා සිටියේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *