ඉතිහාසයේ වැඩිම ඩොලර් සංචිතය මේ දෙසැම්බරයේ වාර්තා කිරිම අපේ අරමුණයි – ජනපති අනුර තම ඉලක්කය කියයි

ඉතිහාසයේ මෙරටින් වාර්තා වන ඩොලර් බිලියන 8.4ක වැඩිම ඩොලර් සංචිත ප්‍රමාණය මෙම දෙසැම්බර් මාසයේ දී වාර්තා කිරීම වත්මන් රජයේ අරමුණ බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා.

වසර දෙකක් වැනි කෙටි කාලයකින් ආර්ථික ස්වාධීනත්වය ඇති කිරීම වෙනුවෙන් වත්මන් රජය පිඹුරුපත් සකස්කර අවසන් බවයි ජනාධිපතිවරයා වැඩිදුරටත් සදහන් කළේ.

එහි ප්‍රතිඵලයක් ලෙස 1958න් පසු මෙරට වාර්තා වූ අඩුම අයවැය හිගය පසුගිය වසරේ වාර්තා කිරීමට හැකිවූ බවයි අවධාරණය කෙරුණේ.

ආණ්ඩුවට වසර දෙකයි රට සුබයි ජන රැළි මාලාවේ අනුරාධ පුර දිස්ත්‍රික් ජන රැළි කහටගස්දිගිලිය නගරයේ දී මෙන්ම නොච්චියාගම දී පැවැත්වුණා.

එම රැළි සඳහා එක්වෙමින් ජනාධිපතිවරයා මෙම අදහස් පළකර සිටියා.

ආණ්ඩුවට වසර දෙයි රටට සුබයි ජන රැළි මාලාවේ කහටගස්දිගිලිය රැළිය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා.

ඒ සඳහා ජනතාවගෙන් හිමිවූයේ උණුසුම් ප්‍රතිචාරයක්.

අනතුරුව ජනාධිපතිවරයා නොච්චියාගම නගරයේ පැවැත්වූ රැළියට එක්වුණා.

එම අවස්ථාවට අනුරාධපුර දිස්ත්‍රික් මැතිඇමතිවරුන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, පක්ෂ ක්‍රියාකාරීන් ඇතුළු විශාල මහ ජනතාවක් එක්ව සිටියා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *