පාස්කු ප්‍රහාරය සිදුවන අවස්ථාවේ දී විෂයභාර අමාත්‍යවරයා වන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට එරෙහිව පියවරක් ගැනීමට නොහැකි වූයේ, එම අවස්ථාවේ සිය පක්ෂයට අවශ්‍ය දේශපාලන ශක්තිය නොතිබූ නිසා බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරා පවසනවා.
ඒ අනුව, යහපාලන ආණ්ඩුව පැවති කාලයේ, දින 52 ආණ්ඩුව පැවති අවස්ථාවේ පොලිසිය විෂයභාර අමාත්‍යවරයා වූයේ මෛත්‍රීපාල ජනාධිපතිවරයා බවත්, ජනාධිපතිවරයා වෙත දෝෂාභියෝගයක් ඉදිරිපත් කිරීමට නම් 113 ක බලයක් අවශ්‍යව තිබූ බවයි ‘දෙරණ 360’ වැඩසටහනට එක්වෙමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ.
එහෙත් යහපාලන ආණ්ඩුවට 113කගේ බලයක් හෝ තුනෙන් දෙකක බලයක් නොතිබුණු බවත්, ඒ හේතුවෙන් පාස්කු ප්‍රහාරය පිළිබඳ වගවීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වෙත පවරා, ඔහුව ධුරයෙන් ඉවත් කිරීමට තරම් ශක්තියක් හෝ දේශපාලන හැකියාවක් තම ආණ්ඩුවට නොතිබුණු බවත් ඔහු ප්‍රකාශ කළා.
දෝෂාභියෝගය ඉදිරිපත් කිරීම සඳහා එවක ජනතා විමුක්ති පෙරමුණේ සහාය ඉල්ලා සිටියේ නම්, 123කගේ සහාය ලැබෙන බව මෙහිදී මාධ්‍යවේදියා විසින් පෙන්වා සිටි අතර, එයට පිළිතුරු ලබා දෙමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ විශ්වාසභංගය ජයග්‍රහණය කිරීමට නම් ඡන්ද 150 ක් හෝ රඳවාගත යුතු බවයි.