කෙහෙල්බද්දර පද්මේ ඇතුළු ප්‍රබල පාතාල සාමාජිකයන් සමග වැඩ කළ ඉතිරි පාතාල සාමාජිකයන් කිහිප දෙනෙක් ද මෙරටට ගෙන්වීමේ මෙහෙයුම ආරම්භ කර ඇති බව වාර්තා විය.
එම අපරාධකරුවන් කොටුකර ගැනීමේ මෙහෙයුම මේ වන විට දියත් කර ඇති බව ද දැනගන්නට තිබේ.
විශේෂයෙන් ම කෙහෙල්බද්දර පද්මේ, බැකෝ සමන්, කමාන්ඩෝ සලින්ත, තැඹිලි ළහිරු මෙන් ම කෙහෙල්බද්දර පද්මේ සමග ළඟින් ගනුදෙනු කළ අවිශ්ක නමැත්තා එමෙන් ම කප්පම් ගැනීමේ ප්‍රබලයකු වූ ලලිත් කන්නන්ගර, මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන කංජිපානි ඉම්රාන් වැනි ප්‍රබලයන් මෙරටට කඩිනමින් ගෙන්වන අය අතර වේ.
දැනට රඳවාගෙන ප්‍රශ්න කරමින් සිටින කෙහෙල්බද්දර පද්මේ ඇතුළු පස්දෙනාගේ ප්‍රකාශ සටහන් අනුව ඔවුන් සමග ක්‍රියාකළ ඉදිරිපෙළේ පාතාල ප්‍රබලයන් කවුරුන් ද යන්න හඳුනාගෙන ඇති සේ ම ඔවුන් ගනුදෙනු කළ අනෙක් සාමාජිකයන් කවුරුන්ද යන්නත් මේ වන විට සොයා ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සමත්ව ඇත.
එමෙන් ම, ඔවුන්ගේ ප්‍රකාශ අනුව අනාවරණය වූ කරුණු මත මෙරට තුළ සිටින අපරාධකරුවන් පිළිබඳව ද තොරතුරු අනාවරණය කර ගැනීමට සමත්ව ඇත.