වතු කම්ක­රු­වන්ගේ වසර 25ක ව්‍යව­ස්ථා­පිත හිඟ මුදල් ගෙවීම මහ­නු­ව­රින් ඇරඹෙයි

වසර 25කට වැඩි කාල­යක් පුරා රාජ්‍ය වැවිලි ආය­ත­න­වල වතු කම්ක­රු­වන්ට නොගෙවා තිබූ ව්‍යව­ස්ථා­පිත හිඟ මුදල් ගෙවී­මට පිය­වර ගෙන ඇති අතර, සේව­ක­යන් 10,000කට වැඩි පිරි­ස­කට සහන සැල­සීමේ වැඩ­ස­ට­හන මහ­නු­ව­රදී පසු­ගි­යදා ආරම්භ කෙරිණි.

මෙම වැඩ­ස­ට­හනේ පළමු අදි­යර ලෙස මහ­නු­වර උතුර, මහ­නු­වර දකුණ, මාතලේ දිස්ත්‍රික් කම්කරු කාර්යාල සහ ගම්පොළ, නාව­ල­පි­ටිය උප දිස්ත්‍රික් කම්කරු කාර්යාල බල­ප්‍ර­දේ­ශ­වල පිහිටි වතු­වල සේව­ක­යන් 308 දෙනකු සඳහා රුපි­යල් මිලි­යන 79කට අධික හිඟ පාරි­තෝ­ෂික මුදල් ලබා දීම සිදු කෙරිණි.

මහ­නු­වර දිස්ත්‍රික් ලේකම් කාර්යා­ලීය ශ්‍රව­ණා­ගා­ර­යේදී පැවැති මෙම උත්ස­වය කම්කරු අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු, වැවිලි සහ ප්‍රජා යටි­තල පහ­සු­කම් අමාත්‍ය සමන්ත විද්‍යා­රත්න සහ නියෝජ්‍ය අමාත්‍ය සුන්ද­ර­ලිං­ගම් ප්‍රදීප් යන මහ­ත්ව­රුන්ගේ ප්‍රධා­න­ත්ව­යෙන් පැවැ­ත්විණි.

ඉතිරි අදාළ සේව­ක­යන් සඳහා වන පාරි­තෝ­ෂික, හිඟ සේවක අර්ථ­සා­ධක අර­මු­දල් (EPF) සහ සේවක භාර­කාර අර­මු­දල් (ETF) ගෙවී­මට අවශ්‍ය කට­යුතු ද කම්කරු අමා­ත්‍යාං­ශය මඟින් දැන­ට­මත් සිදු කර­මින් පවතී. “පොහො­සත් රටක් – ලස්සන ජීවි­ත­යක්” රාජ්‍ය ප්‍රති­ප­ත්ති­යට අනු­කූ­ලව, කම්ක­රු­වන්ගේ අයි­ති­වා­සි­කම් සුර­ක්ෂිත කර­මින් ඔවුන්ගේ ආර්ථි­කය ශක්ති­මත් කිරීම මෙහි ප්‍රධාන අර­මු­ණයි.

අර්ධ රාජ්‍ය ආය­තන 10ක සේව­ක­යන්ගේ ව්‍යව­ස්ථා­පිත හිඟ මුදල් ගෙවීම සඳහා රුපි­යල් බිලි­යන 10ක මුද­ලක් ගෙවී­මට කැබි­නට් අනු­මැ­තිය හිමිව තිබේ.

වෙන් කරන ලද මුද­ලින් රුපි­යල් මිලි­යන 4,500කට අධික මුද­ලක් වැවිලි සහ ප්‍රජා යටි­තල පහ­සු­කම් අමා­ත්‍යාං­ශ­යට අනු­බ­ද්ධිත ශ්‍රී ලංකා රාජ්‍ය වැවිලි සංස්ථාව (SLSPC), ජනතා වතු සංව­ර්ධන මණ්ඩ­ලය (JEDB) සහ ඇල්ක­ඩුව වැවිලි සමා­ගම (EPL) යන රාජ්‍ය වැවිලි ආය­තන තුනෙහි විශ්‍රා­මික සහ දැනට සේවයේ නියුතු 10,000කට අධික සේව­ක­යන් පිරි­ස­කට හිමි­වී­මට නිය­මි­තය.

මෙම අව­ස්ථාව සඳහා කම්කරු අමා­ත්‍යාං­ශයේ ලේකම් එස්.එම්. පිය­තිස්ස සහ වැවිලි සහ ප්‍රජා යටි­තල පහ­සු­කම් අමා­ත්‍යාං­ශයේ ලේකම් ගුණ­දාස සම­ර­සිංහ යන මහ­ත්වරු ද සහ­භාගි වූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *