ඇප පිට – සැක පිට ඉන්න අය කල­බල වුණාට ජන­තාව විනිසුරු විශ්‍රාම වයස ඉහළ දැමීමට කැමතියි – නීතිඥ අක­ලංක උක්වත්ත

22 වැනි ව්‍යවස්ථා සංශෝ­ධ­නය ගැන සංවා­ද­යෙන් නීති­ඥ­ව­රුන් කොටස් දෙක­කට බෙදුණු බවක් පේනවා. ඔබත් නීති­ඥ­ව­ර­යෙක්. ඇයි එක මත­ය­කට එන්න බැරි…?

මේ ආණ්ඩුව ගේන මුල්ම ආණ්ඩු­ක්‍රම ව්‍යවස්ථා සංශෝ­ධ­නය තමයි මේක. ඒ වගේම මේක අධි­ක­රණ ක්ෂේත්‍ර­යට ඍජුව අදා­ළයි. ඒකත් එක්ක නීති­ඥ­ව­රුන්ගේ සහ විනි­සු­රු­ව­රුන්ගේ ලොකු අව­ධා­න­යක් මේකට යොමු වෙලා තියෙ­නවා.

මම පෞද්ග­ලි­කව විශ්වාස කර­නවා, මෙවැනි අව­ස්ථා­වක මේ වගේ බෙදී­මක් ඇති කර­ගන්න එක නර­කයි කියලා. විශේ­ෂ­යෙන්ම අධි­ක­ර­ණ­වල දින­පතා නඩු­ව­ලට සම්බන්ධ වන නීති­ඥ­ව­ර­යකු වශ­යෙන් මම මේ සම්බ­න්ධ­යෙන් කම්ප­න­යට පත් වෙනවා. මේ බෙදීම ඒ කට­යු­තු­ව­ල­ටත් බල­පාන්න පුළු­වන්. අපි දැක්කා, 20 වැනි සංශෝ­ධ­නය ගෙනාපු වෙලාවෙ මෙහෙම එකක් තිබුණෙ නෑ. ඒකත් ඍජු­වම අධි­ක­ර­ණ­යට අදාළ කරු­ණක්. නීතිඥ සංග­මය මැදි­හත් වුණෙත් නෑ. මේක කාටත් හොඳ නෑ.

=ඇත්ත­ටම මේ ව්‍යවස්ථා සංශෝ­ධ­නයේ ඉල­ක්කය එක පුද්ග­ල­යකු ආරක්ෂා කරන එක ද, එහෙම නම් ඒක බර­ප­තළ තත්ත්ව­යක්…

එක පුද්ග­ල­යෙක් ඉලක්ක කර­ගෙන මේක කර­නවා නම්, අපිට තිබුණා ශ්‍රේෂ්ඨා­ධි­ක­ර­ණයේ අග­වි­නි­සු­රු­ව­ර­යාගේ විශ්‍රාම වයස විත­රක් ඉහළ දාන්න. කියන්නෙ එහෙ­මනෙ. ප්‍රංසයෙ එහෙම කරලා තියෙ­නවා. ප්‍රංසයේ අනෙක් විනි­සු­රු­ව­රුන්ගේ විශ්‍රාම ගැනීමේ වයස අවු­රුදු හැට හතක් වුණාට, අග­වි­නි­සු­රු­ව­ර­යාගේ වයස අවු­රුදු 68ක් කරලා තියෙ­නවා. දකුණු අප්‍රි­කා­වෙත් එහෙ­මයි. මේ සංශෝ­ධ­නය ඉහළ සිට පහ­ළට විනි­සු­රු­ව­රුන්ට අදාළ වෙනවා. ඒ අනුව මෙතෙක් තිබුණු ශ්‍රේෂ්ඨා­ධි­ක­රණ විනි­සු­රු­ව­රුන්ගේ වයස් සීමාව අවු­රුදු 67ක් වෙනවා. ඒක මීට පෙර තිබුණෙ අවු­රුදු 65 සීමාවෙ.

ඒ වගේම තවත් විශේෂ තත්ත්ව­යක් මෙතැන තියෙ­නවා. ඒ තමයි, අග­වි­නි­සු­රු­ව­ර­යාට වසර හය­කට වඩා ධුරයේ ඉන්න බෑ. අභි­යා­ච­නා­ධි­ක­ර­ණයේ විනි­සු­රු­ව­රුන් සංඛ්‍යා­වත් මේකෙන් 25 දක්වා වැඩි වෙනවා. අභි­යා­ච­නා­ධි­ක­රණ විනි­සු­රු­ව­රුන්ගේ විශ්‍රාම වයස 65ක් වෙනවා. මහා­ධි­ක­රණ විනි­සු­රු­ව­රුන්ගේ විශ්‍රාම වයස 61 සිට 63 දක්වා වැඩි වෙනවා. මහේ­ස්ත්‍රාත් සහ දිසා විනි­සු­රු­ව­රුන්ගේ විශ්‍රාම වයස් සීමාව 60 සිට 61 දක්වා වැඩි වෙනවා.

ඒ කියන්නෙ මේක එක පුද්ග­ල­යකු ඉලක්ක කර­ගෙන කරන වැඩක් නෙමෙයි, මේක සමස්ත අධි­ක­රණ ක්ෂේත්‍ර­යට අදාළ එකක්. එක කොට­ස­කට විත­රක් මේ වයස් සීමාව වැඩි කළොත්, ඒක ගැට­ලු­වක් වෙනවා. ඇත්ත­ටම මේක කරන්න තිබුණෙ 20 වැනි සංශෝ­ධ­න­යෙන්.

=ඇයි මේක මේ වෙලා­වෙම කරන්නෙ කියන ප්‍රශ්න­යට මොකක්ද දෙන්න තියෙන උත්ත­රය…?

ඒ ප්‍රශ්නය අහන අය­ගෙන් මම අහන්නෙ: ඇයි මේක මේ අව­ස්ථාවෙ නොක­රන්නෙ? එහෙම නම් මේ අව­ස්ථාවෙ ඉන්න විනි­සු­රු­ව­රුන්ගේ ප්‍රශ්න­යක් තියෙන්න ඕනෑ, ඒක නිසා ඒගොල්ලො ඉවත් වුණාට පස්සෙ කරන්න කියන අද­හ­සයි ඒගොල්ලො කියන්නෙ. ඒත් මේ විනි­සු­රු­ව­රුන්ගේ ගැට­ලු­වක් කවු­රු­වත් නිශ්චි­තව කියන්නෙ නෑ.

=ඇත්ත­ටම මේකෙන් කොහො­මද නඩු ප්‍රමා­දය වළ­ක්ව­ාගන්නෙ…?

උදා­හ­ර­ණ­යක් ගත්තොත් මහා­ධි­ක­ර­ණ­යෙන්: පැමි­ණිල්ලේ නඩුව අව­සන් වෙන්න ඔන්න මෙන්න කියලා විනි­සු­රු­තුමා විශ්‍රාම ගියොත් ගැටලු මතු වෙනවා. පාර්ලි­මේන්තු මන්ත්‍රී අම­ර­කීර්ති අතු­කෝ­රල නඩුව විභාග කරපු ත්‍රිපු­ද්ගල විනි­සුරු මඬුල්ලෙ සභා­පති විනි­සුරු හිටියෙ රුවන් පති­රණ විනි­සු­රු­තුමා. එතුමා විශ්‍රාම ගියා. එතැන්ට ආවෙ රෂාන්ත ගොඩ­වෙල විනි­සු­රු­තුමා.

2004 අවු­රුද්දෙ උඩ­ත­ල­වින්න නඩු­වෙදි එතැන හිටපු සභා­පති විනි­සුරු බස්නා­යක විනි­සු­රු­තු­මාට උස­ස්වී­මක් දුන්නා, අභි­යා­ච­නා­ධි­ක­ර­ණ­යට. මාධ්‍ය­වේදී එක්නැ­ලි­ගොඩ අතු­රු­දන් වීමේ නඩු­වට අදා­ළ­වත් මේ වගේ තත්ත්ව­යක් වුණා.

සම­හර විට විත්තියේ නීති­ඥ­තු­මන්ලා නැවත සාක්ෂි කැඳ­වන්න කියන්න පුළු­වන්. විවිධ හේතු මතු වෙන්න පුළු­වන්. විශේ­ෂ­යෙන් සිවිල් සාක්ෂි යන අත­ර­තුර මේ විදි­හට විනි­සු­රු­තු­මන්ලා මාරු­වී­මක් ඒ සාක්ෂි­යට බල­පාන්න පුළු­වන්.

මොකද ඒ සාක්ෂි දෙන ආකා­රය වෙන­ස්වෙන්න පුළු­වන්. ලෝකයේ තත්ත්ව­යත් එහෙ­මයි. මේ වගේ තත්ත්ව­යන් එක්ක නඩු­ව­කදි කිසි­ව­කුට අසා­ධා­ර­ණ­යක් නොවෙන විදි­හට, ඉක්ම­නින් මේ කට­යුතු සිදු වෙන්න අවශ්‍ය පිය­වර මේ හරහා ගැනෙ­නවා.

=ඔබ කිවුවා ලෝකයේ තත්ත්ව­යත් මෙහෙ­මයි කියලා. ඒකත් පැහැ­දිලි කර­ග­නිමු…

ලෝකයේ වෙනත් රට­වල විනි­සු­රු­ව­රුන්ගේ විශ්‍රාම වයස් සීමාව ගෙවී ගිය කාලය තුළ ඉහළ දාලා තියෙ­නවා. ඔස්ට්‍රේ­ලි­යාව 70යි. කැන­ඩාව 75යි. බ්‍රසී­ලය 75යි. ඩෙන්මා­ර්කය 73යි. අමෙ­රි­කාව වයස් සීමා­වක් හඳුන්වා දීලා නැහැ. අයි­ස්ල­න්තයෙ 70යි. ජපා­නයෙ 70යි. ස්වීඩ­නයෙ 69යි. ස්විට්ස­ර්ල­න්තයෙ 68යි. මේ ආදි වශ­යෙන් ලෝකය පුරා ප්‍රව­ණ­තා­වක් පව­ති­නවා.

ලෝකයේ සිටි වය­ස්ග­තම විනි­ශ්ච­ය­කා­ර­ව­රයා වශ­යෙන් හඳු­න්වන අමෙ­රි­කානු ජාතික බොලි­වර් වෙන්ඩ­ර්හෝම් අත්දැ­කීම් සහිත විනි­ශ්ච­ය­කා­ර­ව­රුන් තව­දු­ර­ටත් සේවයේ පවත්වා ගැනීමේ අව­ශ්‍ය­තාව මත වයස් සීමාව ඉහළ මට්ට­මක පැව­තිය යුතු බව කියලා තියෙ­නවා. බ්‍රිතා­න්‍යයේ විශ්‍රාම වයස් සීමාව අවු­රුදු 75ක් ලෙස පන­වන්නෙ 1959දියි. ඊට පෙර සීමා­වක් තිබුණෙ නැහැ. එහෙත් 1993දි ඒක නැවත 70 දක්වා පහත දම­නවා. නැවත අවු­රුදු 27කට පස්සෙ 2022 වර්ෂයේ මාර්තු මාස­යෙදි 75 දක්වා වැඩි කර­නවා. මේ වැඩි කිරී­මට සුවි­ශේ­ෂව මැදි­හත් වුණු රොබට් බුක්ලන්ඩ් කියන නීති විශා­ර­දයා කරුණු පැහැ­දිලි කළා. ඔහු කිවුවෙ අපේ විනි­ශ්ච­ය­කා­ර­ව­රුන්ගේ සහ මහේ­ස්ත්‍රා­ත්ව­රුන්ගේ සහ මරණ පරී­ක්ෂ­ක­ව­රුන්ගේ සේවය විශි­ෂ්ට­ත්වය, ප්‍රවී­ණ­ත්වය සහ ස්වාධී­න­ත්වය ගැන ලොව පුරා ප්‍රසි­ද්ධි­යක් උසු­ලන්නේ ඔවුන්ගේ විශ්‍රාම ගැනීමේ වයස් සීමාව ඉහළ දැමීම මඟින් වටිනා අත්දැ­කීම් ප්‍රයෝ­ජ­න­යට ගන්න නිසා බවයි.

දකුණු අප්‍රි­කාවේ වයස් සීමා­වක් පනවා තිබුණේ නැහැ. 1989දි අවු­රුදු 70ක සීමාව පන­ව­නවා, ඒ වගේම උප­රිම ධුර කාලය අවු­රුදු 12ක කාල සීමා­ව­කුත් පන­ව­නවා. තවත් පැත්ත­කින් අවු­රුදු 70 වන විට උප­රිම ධුර කාලය අවු­රුදු 12 සම්පූර්ණ කර නොති­බු­ණොත් අවු­රුදු 75ක් දක්වා සිටීමේ හැකි­යා­වක් ලබා දීලා තියෙ­නවා. ප්‍රංසයේ ප්‍රාන්ස්වා මිත­රෝන් ජනා­ධි­ප­ති­ව­රයා 1982දි රජයේ සේවයේ විශ්‍රාම වයස් සීමාව අවු­රුදු 65 සිට 60 දක්වා අඩු කළත්, අධි­ක­රණ විනි­සු­රු­වැන්ගේ වයස් සීමාව වෙනස් කළේ නැහැ. 2010දි අවු­රුදු 67 දක්වා දීර්ඝ කළා. ඒත් ඉන් පසුව ප්‍රධාන විනි­ශ්ච­ය­කා­ර­ව­ර­යාගේ වයස අවු­රුදු 68 දක්වා ඉහළ දැම්මා. මම මේ උදා­හ­රණ කිවුවෙ ලෝකයේ අනෙක් රට­වල අත්දැ­කීම් අනුව යමින් ලංකාව මේ නැඹු­රුව ගන්න දැන­ට­මත් ප්‍රමාද වී තිබෙන බව කිය­න්නයි.

ඇයි මේ අධි­ක­ර­ණ­වල තියෙන පුර­ප්පාඩු පුර­වන්‌නෙ නැත්තෙ…?

පහළ අධි­ක­ර­ණ­වල, ඒ කියන්නෙ මහේස්ත්‍රාත්, දිසා අධි­ක­ර­ණ­වල දැන­ටත් 65ක විතර පුර­ප්පාඩු ප්‍රමා­ණ­යක් තියෙ­නවා. ඒක පුර­වන්න අය­දු­ම්පත් කැඳෙ­ව්වම, එක්දාස් ගාණක් අය­දු­ම්පත් ලැබිලා තියෙ­නවා. අව­සා­නයේ ඒ අයදු­ම්ප­ත්ව­ලින් ගන්න පුළු­වන් වෙලා තිබුණෙ 33ක් විත­රයි. ඒ කියන්නෙ සුදු­සු­කම් ප්‍රශ්න තිබිලා තියෙ­නවා. අධි­ක­රණ සේවා කොමි­ෂන් සභා­වත් මේක කියලා තිබුණා. ඉහළ අධි­ක­ර­ණ­වල පුර­ප්පාඩු පුර­වන්න වෙන්නෙ කොහො­මද. පහළ අධි­ක­ර­ණ­ව­ලින්. ඒක කරන්න ගිය­හම පහළ අධි­ක­ර­ණ­වල තවත් පුර­ප්පාඩු වෙනවා. නීතිඥ සංග­මයේ සභා­ප­ති­තුමා කියලා තිබුණා, නඩු ලක්ෂ 11ක වගේ ප්‍රමා­ණ­ය­කින් නඩු ලක්ෂ අට­කට වැඩි ප්‍රමා­ණ­යක් තියෙන්නෙ පහළ අධි­ක­ර­ණ­වල කියලා. එත­කොට පහළ අධි­ක­රණ විනි­සු­රු­ව­රුන් තවත් පුර­ප්පාඩු වුණොත් මොකද වෙන්නෙ. ඒක නිසා මේක පිළි­වෙ­ළට කරන එකයි කරන්න ඕනෙ. ඒ පිළි­වෙ­ළට මාස­යක් – එක හමා­රක් ඇතු­ළත ඒ පුර­ප්පාඩු සියල්ල පුර­වයි.

යුක්තිය පසි­ඳ­ලීම පිටින් දාලා, ආණ්ඩුව වෙනත් දේශ­පා­ලන ගේම් එකක් ප්ලේ කරන බව­ටත් චෝද­නා­වක් එල්ල වෙනවා. ඇත්ත­ටම ඇයි ජන මත විචා­ර­ණ­ය­කට යන්න බැරි…?

මේක දේශ­පා­ලන ගේම් එකක් කර­ගෙන තියෙන්නෙ විප­ක්ෂය. විප­ක්ෂයේ ඔක්කොම එකතු වෙලා, ඇප පිට – සැක පිට ඉන්න ඔක්කොම එකතු වෙලා මේවා ගැන සාකච්ඡා කර­ගෙන, දේශ­පා­ල­නික කර­ගෙන තියෙන්නෙ ඒගොල්ලො. ආණ්ඩු­ක්‍රම ව්‍යව­ස්ථාවෙ 107 ව්‍යව­ස්ථාව තමයි මෙතැ­නදි සංශෝ­ධ­නය කරන්නෙ. 83 ව්‍යව­ස්ථාවෙ පැහැ­දි­ලිව තියෙ­නවා, ජන මත විචා­ර­ණ­ය­කට යන්න අවශ්‍ය සංශෝ­ධන මොන­වද කියලා. 107 ඒ අතර නෑ. ඒක නිසා ව්‍යව­ස්ථා­නු­කූ­ලව මෙතැ­නට ජන මත විචා­ර­ණ­යක් අදාළ නෑ. මේ අය උත්සාහ කරන්නෙ ජනතා පර­මා­ධි­ප­ත්‍යය පිළි­බඳ කාරණා ඉස්මතු කරන්න. මේ තර්කය අධි­ක­ර­ණ­යෙදි ගොඩ­න­ඟන්න පුළු­වන්. මෙතැන කිසිම රහ­සක් නෑ නෙ. සියල්ල විවෘ­තව සිදු වෙනවා. අනෙක් පැත්තෙන් ව්‍යව­ස්ථා­දා­ය­ක­ය­ටත් පර­මා­ධි­ප­ත්‍ය­යක් තියෙ­නව නෙ. ව්‍යව­ස්ථා­දා­ය­කය සතු අධි­ක­රණ බලය අධි­ක­ර­ණය හරහා ක්‍රියා­ත්මක කර­නවා. යුක්තිය ඉටු කිරීම තමයි මූලික අර­මුණ. එතැනට යන්න අව­ශ්‍යයි. ජන­තාව බහු­තර බල­යක් මේ ආණ්ඩු­වට දුන්නු එක ප්‍රධාන හේතු­වක් ඒක. ඇප පිට – සැක පිට ඉන්න කට්ටිය කල­බල වුණාට, බහු­තර ජන­තාව මේකට කැමැ­තියි.

ශාලික විම­ල­සේන ( Silumina)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *