අවුරුදු 50ක් අපේ බස්වල ගිය ජනතාව අද කතා කරන්නේ මැරිලා ඉපදුනා වගේ – මෙට්‍රෝ බස් ගැන බස් ගැමුණු කියයි

නව මෙට්‍රෝ බස් සේවාව සම්බන්ධයෙන් අදහස් දක්වමින්, වසර 50ක් පුරා පෞද්ගලික බස් රථවල ගමන් කළ ජනතාව අද මෙට්‍රෝ බස් පිළිබඳව කතා කරන්නේ මැරිලා ඉපදුනා මෙන් යැයි ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසයි.

අද සෑම දෙනාගේම කටේ තිබෙන්නේ “මෙට්‍රෝ, මෙට්‍රෝ” යන්න වුවද, මෙට්‍රෝ කිව්වට මෙයද ලංගමයම බවත්, තමන් මීට පෙරද මෙවැනි ප්‍රශ්නවලට මුහුණ දී ඇති බැවින් කිසිසේත් කඩා නොවැටෙන බවත් ඔහු සඳහන් කරයි.

මෙය රටේ ජනතාව මුලා කරන දේශපාලන ගේම් එකක් බවට චෝදනා කරන ඒ මහතා, තමන්ට කණගාටු වන්නේ ජනතාවගේ මුදල් පිළිබඳව බවත්, තවත් මාස 6කින් මෙම මෙට්‍රෝ බස්වලට සිදුවන්නේ කුමක්දැයි බලමු යැයිද වැඩිදුරටත් අදහස් දක්වමින් කියා සිටියි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *