රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත සහ ඔහුගේ ආරක්ෂාව භාරව සිටි පොලිස් නිළධාරියා මරණයට පත් කළ රිය අනතුරට සම්බන්ධ කන්ටේනර් රථයේ රියැදුරා ඇප මත මුදාහැර ඇති බව ලංකාදීප පුව්තපත වාර්තා කරයි.
එසේ වැලිසර මහේස්ත්‍රාත් වරයා, අදාල කන්ටේනර් රථයේ රියැදුරා ඇප මත මුදාහැර ඇත්තේ, කදාන පොලිසිය විසින් එකී රියැදුරු රිමාන්ඩ් කරන ලෙස කරන ලද ඉල්ලීම ප්‍රතික්ෂේප කරමිනි.
කන්ටේනර් රථයේ රියැදුරු ඇප මත මුදා හැරීමට නියෝග කළ මහේස්ත්‍රාත්වරයා, අනතුරට පත් වූ සනත් නිශාන්ත මහතාගේ මෝටර් රථයේ රියැදුරු පෙබරවාරි පස්වනදා දක්වා රිමාන්ඩ් කරන ලෙස නියෝග කර තිබේ.