රාජකාරියට නුසුදුසු වන ආකාරයට හැසිරෙමින් මහජනතාව සමඟ තර්ජනාත්මකව වාද කළ පොලිස් පරීක්ෂගේ වැඩ තහනම් කරයි

රාජකාරියට නුසුදුසු වන ආකාරයට හැසිරෙමින් මහජනතාව සමඟ තර්ජනාත්මක වාග් විලාෂයකින් වාද කර ගැනීමේ සිදු වීමක් සම්බන්ධයෙන් අදාල උප පොලිස් පරීක්ෂකවරයාගේ වැඩ තහනම් කෙරේ.

වතුපිටිවල අයෝජන කලාප පොලිස් මුරපොලේ රාජකාරී කරමින් සිටි උප පොලිස් පරීක්ෂකවරයෙකු 2026.07.23 වන දින පැය 1045ට පමණ වතුපිටිවල රෝහල අසන්නයේ පුද්ගලික ආයතනයක් ඉදිරිපිටදී නිල ඇදුමින් රාජකාරියට නුසුදුසු වන ආකාරයට හැසිරෙමින් මහජනතාව සමඟ තර්ජනාත්මක වාග් විලාෂයකින් වාද කර ගැනීමේ සිදු වීමක් සම්බන්ධ‍යෙන් වහාම ක්‍රියාත්මක වන පරිදි වැඩ තහනම් කිරීමට පියවර ගෙන ඇත.

අදාල නිලධාරියාගේ ක්‍රියා කලාපයෙන් ශ්‍රී ලංකා පොලීසිය හා සමස්ත රාජ්‍ය සේවයම අපකීර්තියට පත්වන බව පෙනී යන බැවින්, එම ක්‍රියාව අනෙකුත් නිලධාරීන්ටද වැරදි පුර්වාදර්ශයක් වන බැවින් සහ තවදුරටත් සේවයේ තබා ගැනීමෙන් පොලිස් සේවයේ කීර්තිනාමයට හා අභිමානයට හානියක් සහ කැළලක් වන බැවින් ආයතන සංග්‍රහයේ වගන්ති ප්‍රකාරව ක්‍රියා කරමින් වහාම ක්‍රියාත්මක වන පරිදි අදාල නිලධාරියාගේ රාජකාරී වැඩ තහනම් කිරීමට කටයුතු කර ඇත.

මහජනතාවගේ විශ්වාසය හා ගෞරවය දිනූ විනයගරුක පොලිස් සේවයක් පවත්වාගෙන යාම අපගේ මූලික අරමුණයි. නීතිය හා විනය සුරැකීමට බැඳී සිටින නිලධාරීන්ගෙන් සිදුවන මෙවැනි අශෝභන හෝ අනිසි හැසිරීම් කිසිසේත්ම අනුමත නොකරන අතර, මහජනතාවගේ සුරක්ෂිතභාවය සහ අයිතිවාසිකම් වෙනුවෙන් යුක්තිගරුකව පෙනී සිටීමට ශ්‍රී ලංකා පොලිසිය බැඳී සිටියි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *