හෙල්මට් නැතිව යතුරුපැදියකින් ගිය, ජනප්‍රිය ගායක චාමර රණවක අත්අඩංගුවට

හිස් වැසුම් නොමැතිව යතුරුපැදියකින් ගමන් කිරීම සම්බන්ධයෙන්, ජනප්‍රිය ගායක චාමර රණවක අද (මැයි 18) දින පානදුර උතුර පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, ඔහු පුද්ගලයින් තිදෙනෙකු සමඟ හිස් වැසුම් නොමැතිව යතුරුපැදියකින් ගමන් කරමින් සමාජ මාධ්‍යයේ පළවූ වීඩියෝවකට අනුවයි.

හිස් වැසුමක් නොමැතිව යතුරුපැදියෙන් ගමන් කිරීම, අධික ලෙස මගීන් රැගෙන යාම සහ අනාරක්ෂිත ලෙස යතුරුපැදිය ධාවනය කිරීම යනාදිය ඔහුට එල්ල වන චෝදනා අතර වේ.

ඒ අනුව අත්අඩංගුවට ගත් ගායන ශිල්පි චාමර රණවක, පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර ඇති බවයි වාර්තා වන්නේ.

ඔහු එහිදී වරද පිළිගෙන ඇති අතර, ඔහුට රුපියල් 20000 ක දඩයක් නියම කරන ලද බවත් සඳහන්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *