පෝෂ් වර්ගයේ මෝටර් රථයක් ජනාධිපති ලේකම් කාර්යාලයෙන් තමන්ට ලබා දී තිබුණේ, ඊට පෙර ලබා දී තිබුණු මෝටර් රථ සියල්ල විවිධ හේතූන් මත කාර්මික දෝශයන්ට ලක්වීම හේතුවෙන් බව හිටපු ජනාධිපති උපදේශක රෝසි සේනානායක මහත්මිය පවසයි.
තමන් කිසිසේත්ම සුඛෝපභෝගී මෝටර් රථයක් ඉල්ලා නොසිටි බව පවසන රෝසි සේනානායක මහත්මිය, අදාල පෝෂ් මෝටර් රථය, ශ්රාවස්තියේ පුස්කකා තිබූ එකක් බවද පවසයි.
තමන්ට ලබා දුන් අවස්ථාවේ දී එම මෝටර් රථය මහ පාරේ කඩා වැටුණු බවත් මෙම පෝෂ් මෝටර් රථය ඇතුළට වතුර ගලන බවත්, සන්රූෆයවේයෝ කා තිබුණු, කිසි දිනෙක ඩිකිය ඇරගන්න බැරි වූ රථයක් බවද ඈ පැවසීය.