ශ්‍රී ලංකාවේ ‘මැණික් ඩොලර් සංචි­ත­යක්’ පිහි­ටු­වීමේ යෝජනාවක් මැණික් ව්‍යාපාරිකයින්ගෙන් ජනපති අනුරට

ශ්‍රී ලංකාව සතු මැණික් සම්පත පද­නම් කර­ග­නි­මින් ලෝකයේ ධන­වත්ම රට­වල් අත­රට ශ්‍රී ලංකාව ද පත් කිරීමේ විශේෂ යෝජ­නා­වක් ජනා­ධි­පති අනුර කුමාර දිසා­නා­යක මහතා වෙත සමස්ත ලංකා මැණික් පත­ල්ක­රු­වන්ගේ සහ අලෙ­වි­ක­රු­වන්ගේ සංග­මය විසින් ඉදි­රි­පත් කර තිබේ.

මෙම යෝජ­නාවේ ප්‍රධාන කරුණ වන්නේ දැනට ශ්‍රී ලංකා භාණ්ඩා­ගා­රය සතු රන් සහ විදේශ විනි­මය (ඩොලර්) සංචිත මෙන්, ‘මැණික් ඩොලර් සංචිත’ (Gem Dollar Reserves) පව­ත්වා­ගෙන යෑම ආරම්භ කිරී­මයි. ශ්‍රී ලංකාව ලොව ධන­වත්ම රට ලෙස නඟා­සි­ටු­වීම මෙහි මූලික අර­මුණ බව සංග­මයේ සභා­පති ආචාර්ය තිල­ක­සිරි විතා­රණ මහතා පැව­සීය.

ආචාර්ය විතා­රණ මහතා පව­සන පරිදි, ශ්‍රී ලාංකික මැණික් අලෙ­වි­ක­රු­වන් සතුව දැනට අමෙ­රි­කානු ඩොලර් ට්‍රිලි­යන ගණ­නක් වටිනා මැණික් තොග පව­තින නමුත්, ඒවා වහාම මුදල් බවට පත් කර ගැනීමේ (Liquidity) හැකි­යා­වක් නොමැත. මෙම තත්ත්ව­යට විස­ඳු­මක් ලෙස සහ එම වටි­නා­කම රටේ ආර්ථි­ක­යට ඍජුව දායක කර ගැනීම සඳහා ‘ශ්‍රී ලංකා මැණික් බැංකු­වක්’ (Gem Bank of Sri Lanka) ස්ථාපිත කරන ලෙස ඔහු යෝජනා කරයි.

එම බැංකුව හරහා මෙම මැණික් තොග ඩොලර් සංචිත ලෙස ඇතු­ළත් කිරීම මඟින් ශ්‍රී ලංකාවේ ආර්ථික ස්ථාව­ර­ත්වය සහ ධනය ඉහළ නැංවිය හැකි බව සමස්ත ලංකා මැණික් පත­ල්ක­රු­වන්ගේ සහ අලෙ­වි­ක­රු­වන්ගේ සංග­මයේ විශ්වා­ස­යයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *