“හොරු අල්ලන්න කියලා බලය ගත්ත අය අද හොරු හුරතල් කරන්න කොමිසම් දානවා” යනුවෙන් ජාතික නිදහස් පෙරමුණේ නායක, විමල් වීරවංශ මහතා චෝදනා කළේය.
විමල් වීරවංශ කියා සිටියේ, දූෂණ වංචා සෙවීමට යැයි කියමින් පත්කරන කොමිෂන් සභා මගින් සැබෑ වැරදිකරුවන්ට දඬුවම් ලැබෙන්නේ නැති බවයි.
“ඊළඟ ආණ්ඩුව ආවම අගුරු කුමාරටයි බාල කුමාරටයි දෙන්නටම හිරේ ලඟින්න වෙනවා” යනුවෙන් වැඩිදුරටත් සඳහන් කළ වීරවංශ මහතා, “මිළඟ ආණ්ඩුව යටතේ නියම ගල් අඟුරු විමර්ශන කරනවා” යනුවෙන් ද පැවසීය.
“හිරේ යන්න ලෑස්ති වෙන්න ජනාධිපතිතුමෝ” යනුවෙන් ජනාධිපතිවරයා ඇමතූ ඔහු, වත්මන් පාලනයේ ක්රියාකලාපය දැඩි විවේචනයට ලක් කළේය.