“විදුලිය කැපුවොත් ජනතාව පාරට බහින්න පුළුවන්. ඒ හින්දා ජනාධිපතිතුමා කියලා තියෙන්නේ පුළුවන් වියදමක් දරලා විදුලිය දෙන්න කියා ඇති බව හිටපු රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ මහතා ප්‍රකාශ කළේය.
මාධ්‍ය හමුවක් අමතමින් ඔහු කියා සිටියේ, “මේ වෙද්දී අනිවාර්යෙන් විදුලිය කපන්න ඕනේ” බවයි.
“ජනාධිපතිතුමා කියලා තියෙන්නේ කොහොමවත් විදුලිය කපන්න එපා. එක තමයි අන්තිම තුරුම්පුව කියලා” යනුවෙන් සේනසිංහ මහතා අවධාරණය කළේය.
තවදුරටත් අදහස් දැක්වූ ඔහු, “කළු කඩ වලින් තෙල් ගන්න ආණ්ඩුවක් ඕනේ නෑ” යනුවෙන්ද පැවසීය.