මැගසින් බන්ධනාගාරය තුළට මත්ද්‍රව්‍ය සැපයීම සිදු කරන එම බන්ධනාගාරයට අනුයුක්තව සේවය කරන නියාමකවරයෙකු- ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය මගලින් අත්අඩංගුවට ගෙන තිබේ.
පළමුව අත්අඩංග-ුවට ගෙන ඇත්තේ මෙම බන්ධනාගාර නියාමකවරයා නොව, වෙනත් පුද්ගලයෙකි. ඔහු සතු-ව අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් සියයක් සහ හෙරොයින් ග්‍රෑම් විස්සක් තිබී ඇත.
විමර්ශන වලින් තහවුරු වී ඇත්තේ, එම පුද්ගලයා අදාල මත්ද්‍රව්‍ය තොගය තවත් අයෙකුට භාර දීමට නියමිතව සිට ඇති බවයි.
ඒ අනුව, අත්අඩංග-ුවට ගත් සැකකරුගෙන් එම මත්ද්‍රව්‍ය තොගය ලබා ගැනීමට පැමිණි අනෙක් පුද්ගලා ද අත්අඩංගු-වට ගැනීමට පොලිසිය කටයුතු කර තිබෙන අතර, ඒ අනෙක් පුද්ගලයා මැගසින් බන්ධනාගාරය තුළ සේවය කරන බන්ධනාගාර නියාමකවරයෙකි.
ඔහු පසුගිය ජනවාරියේ මැගසින් බන්ධනාගාරයේ සේවයට පැමිණ ඇති බවත්, ඊට පෙර වැලිකඩ බන්ධනාගාරයේ සේවය කර ඇති බවත් වාර්තා වේ.