පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූ විද්‍යා පිළිබදව විශේෂවේදී උපාධියක් ලබා ඇති ජේෂ්ඨ මහාචාර්ය රොහාන් ප්‍රනාන්දු භූ විද්‍යාව පිළිබද දර්ශනපති උපාධිය (M.Phil.) පේරාණිදෙනිය විශ්වවිද්‍යාලෙනුත්, දර්ශණශූරී(Ph.D) උපාධිය ජර්මනියේ Mainz විශ්වවිද්‍යාලෙනුත් ලබා ගෙන ඇත.
ජාතික ගොඩනැගිලි පරියේෂණ සංවිධානයේ භූ විද්‍යාඥයෙකු ලෙස තම වෘත්තීය ජීවිතය ආරම්භ කර මෙතුමා ජේෂ්ඨ කථිකාචාර්‍ය වරයෙකු ලෙස 2001 වර්ෂයේ සිට 2003 දක්වා පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙත් 2003 සිට 2011 දක්වා ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේද සේවය කර ඇති අතර 2011 සිට 2019 දක්වා මහාචාර්‍ය වරයෙකු වශයෙනුත් 2019 සිට මේ දක්වා ජේෂ්ඨ මහාචාර්‍යවරයෙකු වශයෙන්ද විවෘත විශ්ව විද්‍යාලයේ භෞතික විද්‍යා අංශයට තම සේවය ලබාදී ඇත.
මා අතින් මැණික් හා ස්වර්ණාභරණ පරියේෂණ ආයතනයේ සභාපති ලෙස පත්වීම ලබා ගනිමින් මෙතුමා ප්‍රකාශ කලේ වැටුප්, දීමනා හෝ වෙනත් කිසිම වරප්‍රසාදයක් නොමැතිව මෙම තනතුරේ කටයුතු ගරු සේවයක් ලෙස ලබාදීමට තමා සුදානම් බවය.