ජනපති අනුරගේ මෑණියන්ට ආශිර්වාද කරන්න ඕමල්පේ සෝභිත හිමි අනුරාධපුර රෝහලට

ජනපති අනුරගේ මෑණියන්ට ආශිර්වාද කිරීමට ඕමල්පේ සෝභිත හිමියෝ අනුරාධපුර මහරෝහලට වැඩම කරති. 

අනුරාධපුර ශික්ෂණ රෝහලේ දහඅටවන වාට්ටුවේ ප්‍රතිකාර ලබමින් සිටින, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ මෑණියන් හට ආශිර්වාද කිරීම සදහා, ඕමල්පේ සෝභිත හිමියෝ අද එම රෝහළට වැඩම කළෝය. 

ජනාධිපතිවරයාගේ මෑණියෝ රජයේ සාමාන්‍ය රෝහලකින් ප්‍රතිකාර ලබනවා දකින්නට ලැබීමම සිස්ටම් එක චේන්ජ් වී ඇති බව පෙන්නුම් කරන අවස්ථාවක් බව සෝභිත හිමියෝ පවසති. 

මීට පෙර කිසිදු අවස්ථාවක තමන් මෙවැනි දෙයක් නුදුටුව බව පවසන උන්වහන්සේ, බාල බෙහෙත් ගෙන්වා රෝගීන්ගේ ජීවිත අනතුරට ඇද දැමූ සෞඛ්‍ය ඇමතිවරු සහ තමන් රෝගී වූ විට ප්‍රතිකාර ලබා ගැනීම සදහා විදෙස්ගතවන අනෙකුත් මැති ඇමතිවරු පිළිබදවද සිහිපත් කළේ ය. 

ජනාධිපතිවරයා රටට ලබා දී තිබෙන ආදර්ශය සම්බන්ධයෙන් සෝභිත හිමියෝ මහත් වූ ප්‍රසාදයකින් යුතුව කතා කළෝ ය. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *