මින් පසු බාල ඖෂධ නෑ – ගුණාත්මක භාවයෙන් වැඩි ඖෂධ ලංකාවට ගෙන එයි

ශ්‍රී ලංකාවට අවශ්‍ය ඖෂධවලින් 50% ආසන්න ප්‍රමාණයක් ලබන වසර තුළදී දේශීය සැපයුම්කරුවන්ගෙන් මිලදී ගැනීමට හැකි වනු ඇතිබව ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා පැවසීය.

මේවන විට ද දේශීය සැපයුම්කරුවන්ගෙන් ඖෂධ වර්ග 200ක් පමණ මිලදී ගන්නා බව පැවසීය.

එය ලබන වසර වන විට ඖෂධ 300කට වඩා වැඩි ප්‍රමාණයක් දේශීය සැපයුම් කරුවන්ගෙන් මිලදී ගැනීමට සැලසුම් කර තිබේ.

මෙරටට ගෙන්වන ඖෂධවල ගුණාත්මකභාවය පරීක්‍ෂා කිරීම සඳහා අවශ්‍ය රසායනාගාර පහසුකම්ද ඉහළ නංවමින් ඇති බව පැවසීය.

මේ අතර රට තුළ පැවති ඖෂධ හිඟය ක්‍රමයෙන් යථා තත්වයට පත්වෙමින් තිබේ.

ගුණාත්මක බවින් ඉහළ ඖෂධ ගෙන ඒමට අවශ්‍ය වැඩපිළිවෙළක් ද ක්‍රියාත්මක බව වැඩිදුරටත් පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *