විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට රජය දරන උත්සාහය මෙන්ම එම ක්ෂේත්‍රයේ උද්ගතව ඇති ගැටලු පිළිබඳව සාකච්ඡා කර පොදු වැඩපිළිවෙළක් සකසා ගැනීම සඳහා විපක්ෂයේ පක්ෂ නායකයින්ගේ හා ක්‍රියාකාරීන්ගේ හමුවක් ලබන බ්‍රහස්පතින්දා (23) පැවැත්වීමට සැලසුම් කර ඇත.
හිටපු ජනාධිපති රනිල්වික්‍රමසිංහ, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස,ශ්‍රී ලංකා පොදු ජනපෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ ප්‍රමුඛ පක්ෂ නායකයින් හා නියෝජිතයින් මෙම සාකච්ඡාවට සහභාගී වෙති.
විනිසුරුවරුන්ගේ විශ්‍රාම කාලය දීර්ඝ කිරීම සඳහා රජය ගෙන යන වැඩපිළිවෙල පරාජය කිරීමට විපක්ෂයේ සියලු පක්ෂ එක වැඩ පිළිවෙලකට එක් කර ගැනීම සඳහා නායකත්වය ගන්නා ලෙස ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා පසුගියදා විපක්ෂ නායකවරයාගෙන් ඉල්ලීමක් කර තිබිණි.
ඒ අනුව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ කැඳවීමකට අනුව කොළඹ මාකස් ප්‍රනාන්දු මාවතේ පිහිටි විපක්ෂ නායක කාර්යාලයේදී මෙම සාකච්ඡාව පැවැත්වීමට සැලසුම් කර තිබේ.
විපක්ෂ නායකවරයා පෞද්ගලිකවම පක්ෂ නායකයින්ට දුරකථන මාර්ග ඔස්සේ කතා කරමින් රැස්වීමට එක්වන ලෙස ආරාධනා කර ඇති බව වාර්තාවේ.
විනිසුරු විශ්‍රාම වයස දීර්ඝ කිරීමට අමතරව, ඉහළ අධිකරණවල පවතින විනිසුරු පුරප්පාඩු පිරවීම ප්‍රමාද කිරීම ඇතුළු අධිකරණ ක්ෂේත්‍රයේ මතුව ඇති ගැටලු රැසක් පිළිබඳව දීර්ඝ ලෙස මෙහිදී අවධානය යොමු කරමින් පොදු වැඩපිළිවෙළකට පැමිණීමට නියමිතව ඇත.