වහාම ක්‍රියාත්මක වන පරිදි සනීපාරක්ෂක තුවා සදහා SLS සහතිකය අනිවාර්ය කරයි

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය (CAA) විසින් නිකුත් කරන ලද නවතම ගැසට් නිවේදනයකට අනුව, 2026 ඔක්තෝබර් 8 වනදා සිට ශ්‍රී ලංකාව තුළ අලෙවි කරනු ලබන සියලුම එක්වරක් පමණක් භාවිතා කරන සනීපාරක්ෂක තුවා (Sanitary Towels) සඳහා SLS සහතිකය ලබා ගැනීම අනිවාර්ය කර තිබේ.

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරී පනතේ 99 වන අධ්‍යක්ෂණය යටතේ නිකුත් කර ඇති අංක 2496/28 දරන අතිවිශේෂ ගැසට් නිවේදනයට අනුව, දේශීයව නිෂ්පාදනය කරනු ලබන මෙන්ම මෙරටට ආනයනය කරනු ලබන සියලුම සනීපාරක්ෂක තුවා සඳහා ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ (SLSI) වලංගු නිෂ්පාදන සහතික කිරීමේ ලකුණ (SLS Mark) තිබීම අනිවාර්ය වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *