රනිල් විකුණන්න ගිය ත්‍රිපෝෂ සමාගම දැන් ලාභ ලබනවා – ඇමති නලින්ද ජයතිස්ස

පසුගිය රජය විසින් ඈවර කිරීමට නිර්දේශ කරන ලද ත්‍රීපෝෂ සමාගම, මේ වන විට ලාභ ලබන සමාගමක් බවට පත්ව ඇතැයි, ඇමති නලින්ද ජයතිස්ස මහතා පවසයි. 

ජනතාවගේ පෝෂණ ප්‍රශ්නයට විසදුම් සෙවීමේ දී දැනට පවතින තත්ත්වය අඛණ්ඩව ආරක්ෂා කර ගැනීම සදහා ත්‍රීපෝෂ සමාගමේ වැදගත් වන බවද අමාත්‍යවරයා අවධාරණය කරයි. 

ත්‍රීපෝෂ සමාගමට බඩ ඉරිගු සහ සෝයා සපයන ගොවියන් එක්රැස් කර සමුපකාර ක්‍රමයක් ඇති කිරීම පිළිබදව රජයේ අවධානය යොමුව ඇති බවද අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.  

Leave a Reply

Your email address will not be published. Required fields are marked *