බිත්තරයක් රුපියල් 41ට අඩුවෙන් දෙන්න තීරණය කරයි

බිත්තරයක් රුපියල් 41 ට අඩුවෙන් සිල්ලර මිලට අලෙවි කිරීමට හැකි වන පරිදි වෙළඳ පොළට බිත්තර නිකුත් කිරිමට බිත්තර නිෂ්පාදනය කරන සංගම් නියෝජිතයන් එකගතාවය පළ කළ බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි.

බිත්තර නිෂ්පාදනය කරන සංගම් නියෝජිතයන් සමග වෙළඳ අමාත්‍යාංශයේදී  පැවති විශේෂ සාකච්ඡාවකදී එම නියෝජිතයන් මෙම එකගතාවය දැක්වූ බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපති හේමන්ත සමරකෝන් මහතා පැවසීය.

වෙළඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා අමාත්‍යංශයේ ලේකම් එම්.එම්.නයිමුදීන් මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම සාකච්ඡාව පැවැත්වුණි.

මෙම විශේෂ සාකච්ඡාවට සහභාගි වූ සමස්ථ ලංකා බිත්තර නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති සරත් රත්නායක මහතා පැවසුවේ මේ වනවිට වෙළඳ පොළේ බිත්තරයක් රුපියල් 45 ට අඩුවෙන් සිල්ලර මිලට ලබා ගත හැකි බවයි.

දැනට දිනක බිත්තර නිෂ්පාදනය ලක්ෂ 85 දක්වා ඉහළ ගොස් ඇති බවත් ගොවිපොළෙන් බිත්තරයක් රුපියල් 35,36 තොග මිලට නිකුත් කරන බවද ඔහු සඳහන් කළහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *