රෝහිත අබේගුණවර්ධන කදුළු සලයි

හිටපු අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා කළුතර පැවතී මැතිවරණ වේදිකාවකදී කඳුලු සලමින් සංවේදී විය.

මේ ඉන්න ජනතාව දන්නව ගෑස් සිලින්ඩරයට කතිරය ගහලා අංක එකොළහට කතිරය ගැහුවට රෝහිත අබේගුණවර්ධන ඇමැති වෙන්නේ නෑ කියල. ඒ අය දන්නව අපි ආණ්ඩුවක් පිහිටවන්නේ නෑ කියල . ඒ බව දැන දැන මේ ඇවිත් මම කලගුණ සලකන්න. යැයි කියමින් හිටපු අමාත්‍ය වරයා කදුළු සලමින් සංවේදී විය.

මම මහජන හමුවාදී එන ජනතාව ගෙන් අහල නෑ මට ඡන්ද දුන්නද කියලා. මම පෞද්ගලිකව බලන්නේ නෑ. මම මිනිස්සු එක්ක හිටියා. ඉදිරියත් මම ඔබ එක්ක විපක්ෂයේ මන්ත්‍රී වරයයකු විදිහට ඉන්නවා.

මාළුවකුට වතුර ඕන සොල්දාදුවට අවිය ඕන. ඒ වගේම දේශපාලකයට ජනතාව ඕන. ආණ්ඩුව නැතිව වුණත් ඔබ මාව 32 වසරකට පාර්ලිමේන්තු යවන බව විශ්වාසයි. මම කලකිරීම්වලින් දේශපාලනය අතාරින්නේ නෑ. කන්ද නැග්ගොත් පල්ලම තියෙනවා .ඔංචිල්ලාව එහාට ගියොත් මෙහාට එනවා යනුවෙන්ද හිටපු අමාත්‍ය වරයා පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *