එක්සත් අරාබී එමීර් රාජ්‍යයේ වත්මන් තානාපතිවරයා වන ආචාර්ය උදය ඉන්ද්‍රරත්න මහතාව යළි ශ්‍රි ලංකාවට යළි කැදවීමට රජය තීරණය කර තිබේ.එයට හේතු වී තිබෙන්නේ එම පත් වීම දේශපාලනික පත් වීමක් ලෙස හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් සිදු කළ පත් වීමක් නිසා බව වාර්තා වේ.
අතිදක්ෂ තානාපතිවරයෙකු ලෙස ප්‍රකට ආචාර්ය උදය ඉන්ද්‍රරත්න මහතා “Dean of Ambassadors,” නමින් ද ප්‍රකටව සිටී.ඔහු එක්සත් අරාබී එමීර් රාජ්‍යයේ ඉහළ රාජ්‍ය තාන්ත්‍රිකයෙකු ලෙස කීර්තීයක් ද ලබා තිබේ.
ඔහු තානාපතිවරයෙකු ශ්‍රි ලංකාවට අතිමහත් සේවයක් ඉටු කල ඇති අතර එමීර් රාජ්‍යයෙන් ශ්‍රි ලංකාවට අරමුදල් ලබා ගැනීම සදහා ද ක්‍රියා කර තිබීමද විශේෂත්වයක් වේ.
විශේෂයෙන්ම විදේශ අමාතය විජිත් හේරත් මහතා විසින් ඔහුව ජාතික වත්කමක් ලෙස මීට පෙර දක්වා තිබූ අතර අන්තර්ජාතික වේදිකාව තුළ ශ්‍රි ලංකාවට වැදගත් පුද්ගලයෙක් ලෙස ද ඔහුව හදුන්වා දී තිබේ.
ඔහුගේ වෘත්තිය ජිවීතයද එක්සත් අරාබී එමීර් රාජ්‍යයේ අතිශ්‍ය වැදගත් ස්ථානයක් උසුලනු ලැබූ අතර ඔහු අබුඩාබී සංස්කෘතික හා සංචාරක දෙපාර්තමේන්තුවේ සභාපති කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ උපදේශකවරයෙක් ලෙස ඔහුගේ වෘත්තිය නිපුණත්වය ඉහළින්ම පෙන්වා දී තිබේ.මේ අතර ඔහු ඩුබායි හි සංචාරක දෙපාර්තමේන්තුවේ ප්‍රතිපත්ති හා පර්යේෂණ පිළිබදව විධායක අධ්‍යක්ෂවරයෙක් ද ලෙස ද කටයුතු කර ඇති අතර පැරිස් සොබොන් විශ්වවිද්‍යාලයේ බාහිර කථිකාචාර්යවරයෙක් ලෙස ද කටයුතු කර තිබේ.මේ අතර ජාත්‍යන්තරයේ ප්‍රධාන උත්සව ගණනාවක ප්‍රධාන දේශකයෙක් ලෙස කටයුතු කරමින් ඔහු ශ්‍රි ලංකාවට මහත් අභිමානයක් ගෙන දුන් පුරවැසියෙක් ද වේ.
මැද පෙරදිග කලාපයේ ශක්තිමත් ඵලදායී ලෙස සබදතා ඇති ආචාර්ය උදය ඉන්ද්‍රරත්න මහතා වැනි අය ඉවත් කිරීම මගින් ඔහුගේ රටට තවදුරටත් ලබාගත හැකිව තිබූ වටිනා සේවය අහිමි වීමකි.
කෙසේ වෙතත් රජයේ අභ්‍යන්තර ආරංචි මාර්ග අනූව ආචාර්ය උදය ඉන්ද්‍රරත්න මහතාව යළිත් එම තනතුරට පත් කීරීම සම්බන්ධයෙන් රජයේ අවධානය යොමුව ඇති බව ද වාර්තා වේ.