රටේ පවතින වත්මන් දේශපාලන තත්ත්වය සහ ආර්ථික කළමනාකරණය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ (SLPP) ජ්‍යෙෂ්ඨ දේශපාලනඥ රෝහිත අබේගුණවර්ධන මහතා දැඩි විවේචනාත්මක ප්‍රකාශයක් සිදුකර තිබේ
වත්මන් පාලනය විසින් දියත් කර ඇති බව කියන දේශපාලන පළිගැනීම් සහ මර්දනකාරී වැඩපිළිවෙලවල් හරහා රටේ පවතින ආර්ථික අර්බුදයන්ට කිසිදු විසඳුමක් නොලැබෙන බව ඔහු පෙන්වා දෙයි
පසුගිය කාලයේ සිදු වූ දේශපාලන පරිවර්තනය නමැති කුණාටුවට සියලු දෙනාම ගසාගෙන ගිය බවත්, ඉන් බේරීමට කිසිවෙකුට නොහැකි වූ බවත් ඔහු පවසයි
එම දේශපාලන රැල්ලෙන් බේරීමට හැකි වූයේ තමන් සහ චාමර සම්පත් දසනායක මහතා පමණක් බව පවසන ඔහු, තමන් දෙදෙනාව “වල් පැළ දෙකක්” ලෙස උපහාසාත්මකව හඳුන්වා දුන්නේය
වත්මන් ආණ්ඩුව ඉදිරියට යමින් පවතින්නේ ජනතාව සහ දේශපාලන විරුද්ධවාදීන් මර්දනය කරන “මර්දනකාරී ආණ්ඩුවක්” ලෙස බවට ඔහු සෘජුවම චෝදනා කරයි
වැඩිදුරටත් අදහස් දැක්වූ හිටපු අමාත්‍යවරයා “මේ ආණ්ඩුව හිතනවා නම්, මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාව හිරේ දාලා, ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාව හිරේ දාලා, නාමල් රාජපක්ෂව හිරේ දාලා, ඒ අයට උදව් කරපු හැමෝම හිරේ දැම්මයි කියලා ඩොලර් එක අඩු වෙන්නේ නැහැනේ. රුපියලේ අගය වැඩි වෙන්නේ නැහැනේ.” යනුවෙන් කියා සිටියේ ය.