සබීතාගේ ගොඩනැගිල්ල ගැන විමර්ෂණ අරඹයි

පසුගිය රජයන් සමයේ කෘෂිකර්ම අමාත්‍යාංශය පවත්වාගෙන යෑම සඳහා ගොඩනැගිල්ලක් කුලී පදනම මත ගැනීම පිළිබඳව විමර්ශනයක් ආරම්භ කර තිබේ.

අදාල ගොඩනැගිල්ල කුලී පදනම මත ලබා ගැනීමට රුපියල් කෝටි 66ක තැන්පතු මුදලක් ලබා දී ඇති අතර ගොඩනැගිල්ල ආපසු භාරදී වසර ගණනාවක් ගත වුවත් එම තැන්පතු මුදල ආපසු ලබා දී නැති බව කෘෂිකර්ම අමාත්‍යංශ ලේකම්වරයා සඳහන් කළේය.

ඒ පිළිබඳව නීතිපතිවරයා දැනුවත් කර ඉදිරියේදී ගන්නා ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් උපදෙස් පතා ඇතැයිද අමාත්‍යංශයේ ලේකම් එම්.පී.එන්.එම්. වික්‍රමසිංහ මහතා පැවසුවේය.

රාජගිරිය ප්‍රදේශයේ පිහිටි මෙම ගොඩනැගිල්ල ජනප්‍රිය රංගන ශිල්පිනි සබීතා පෙරේරා මහත්මියගේ සැමියාට අයත් එකකි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *