බස් රථවල ගමන් ගන්නා මගී ජනතාවගේ ආරක්ෂාව වෙනුවනේ ‘මගී අයිතිවාසිකම් ලැයිස්තුවක්’ පිළියෙල කිරීමට කටයුතු ආරම්භ කළ බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසයි.
බස් රථ සඳහා ජාතික ගමනාගමන කොමිෂන් සභාව ලබාදෙන ධාවන බලපත්‍රවල අන්තර්ගත කොන්දේසි මෙන්ම පළාත් සභාවලින් බස් රථ ධාවන බලපත්‍ර නිකුත් කිරීමේදී ලබාදෙන කොන්දේසි සියල්ල ද එක්කර ගනිමින් මෙම මගී අයිතිවාසිකම් ලැයිස්තුව පිළියෙල කිරීමට පියවර ගන්නා බව වාර්තා වේ.
එමෙන්ම පෞද්ගලික බස් රථ රියැදුරන්ගේ සහ කොන්දොස්තරවරුන්ගේ රැකියා සුරක්ෂිත කිරීමට අවශ්‍ය කටයුතු ද මේ වනවිට සකස් කෙරෙමින් පවතින බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසයි.