කොන්දොස්තරවරුන්ට ෆුට්බෝඩ් තහනම් කරයි

මින් ඉදිරියට බස් රථ ධාවනය කිරීමේදී කොන්දොස්තරවරයාට පාපුවරුවේ ගමන් කිරීමේ හැකියාවක් නොමැති බව රථවාහන පාලන හා මාර්ග ආරක්ෂාව දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ඉන්දික හපුගොඩ පැවැසීය.

මේ වන විට බස් රථ ධාවනයේදී පවතින තරගකාරීත්වය හේතුවෙන් කොන්දොස්තරවරුන් පවතින අවදානම නොසලකා හරිමින් පාපුවරුවේ ගමන් කරමින් මාර්ගයේ සිටින මගීන් එක්රැස් කර ගැනීම සිදුකරන බව හෙතෙම පෙන්වා දුන්නේය.

ඒ අනුව එහි පවතින අනතුරුදායක තත්ත්වය සැලකිල්ලට ගනිමින් ඉදිරියේදී එලෙස ගමන් ගන්නා කොන්දොස්තරවරුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බව හෙතෙම පැවැසීය.

ඇතැම් දුරගමන් බස් රථවල මෙලෙස කොන්දොස්තරවරුන් දෙදෙනකු ගමන් කරන බව පැවසූ හෙතෙම, පාපුවරුව ඇත්තේ බස් රථයට ඇතුළුවීමට සහ පිටවීමට බැවින් ධාවනය වෙමින් පවතින අවස්ථාවලදී අනාරක්ෂිත ලෙස පාපුවරුවේ ගමන් කිරීමට කිසිවකුටත් අවස්ථාව නොමැති බවද පැවැසීය.

එමෙන්ම වැඩිදුරටත් අදහස් දක්වමින් නියෝජ්‍ය පොලිස්පති ඉන්දික හපුගොඩ කියා සිටියේ බස් රථ රියැදුරන්ට පවතින රියැදුරු බලපත්‍රය මෙන්ම රිය සහයකවරයාට ලබාදෙනු ලබන කොන්දොස්තර බලපත්‍රය ද මින් ඉදිරියට තිබීම අනිවාර්ය වන බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *