සජිත් ජනාධිපති වූ පසු සුබ කාලය ලබනවා – දිගම්බරම් කියයි

සජිත් ප්‍රේමදාස මහතා මේ මස (21) දින පැවැත්වෙන ජනාධිපතිවරණයෙන් අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබා මේ රටේ නව වන විධායක ජනාධිපතිවරයා වශයෙන් තේරිපත් වන බවත්, ඉන් අනතුරුව වතුකරයේ ජනතාවට සුභ කාලයක් උදාවන බව දමිල ප්‍රගතිශිලි සන්ධානයේ නියෝජ්‍ය නායක නුවරඑලිය දිස්ත්‍රික් පා.ම පලනි දිගම්බරම් මහතා පැවසිය.

පලනි දිගම්බරම් මහතා ඒ බැව් කියා සිටියේ සමගි ජන බලවේගයේ ජනාධිපති අපෙක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ ජය තහවුරු කිරිම සදහා වටවල ටෙම්පල්ස්ටෝ වතුයායේ පැවති මැතිවරණ ප්‍රචාරක රැස්විමකදිය.

මෙම රැස්විමේදි වැඩිදුරටත් අදහස් දැක් වු පලනි දිගම්බරම් මහතා කියා සිටියේ යහපාලන රජයේදි තමන් වතුකරයේ ජනතාවගේ යටිතල පහසුකම් නංවාලිමට සංවර්ධන කටයුතු රැසක් සිදු කල බවයි.

වතුකරයේ ජනතාවගේ දුක හදුනන තමන් සජිත් ප්‍රේමදාස මහතා මේ රටේ ජනාධිපතිවරයා බවට පත් විමෙන් පසු වතු කම්කරුවන්ගේ ඉතිරි සංවර්ධන කටයුතු යලි ආරම්භ කරන බවයි පලනි දිගම්බරම් මහතා වැඩිදුරටත් කියා සිටියේ.

මෙම රැස්විමට දමිල ප්‍රගතිශිලි සන්ධානයේ නියෝජ්‍ය නායක පා.ම එම්.උදයකුමාර් මහතාද සහභාගි විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *