සාධාරණ මිලකට වාහන ගන්න බදුවල වෙනසක් කරනවා – අනුර කියයි

වාහන ආනයනය කිරීමේදී ඊට පනවා ඇති බදු අඩු කිරීම සම්බන්ධයෙන් මේ මොහොතේ නිශ්චිත ‍ප‍්‍රකාශයක් කළ නොහැකි බව ජාතික ජන බලවේග ජනාධිපති අපේක්ෂක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක මහතා සඳහන් කරයි.

පළමුව වාහන ආනයනය කිරීම සඳහා අවස්ථාව දිය යුතු බවත් එනිසා පළමුව තෝරාගත් කාණ්ඩ කීපයක් යටතේ වාහන ආනයනය කිරීමට බලාපොරොත්තු වන බවත් ඔහු පැවසීය.

ඉන් අනතුරුව යම් සාධාරණ මිලකට වාහන මිලදී ගැනීම සඳහා බදු වල යම් වෙනසක් ගැන කල්පනා කරන බවද හෙතෙම කියා සිටී.

අන්තර්ජාල නාලිකාවක සාකච්ඡාවක් අතරතුරු ඔහු මෙම අදහස් පළ කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *