මම නීතියට පිටින් වැඩ කළේ නෑ – සජිත් ප්‍රේමදාස කියයි

තමා නිවාස සහ සංස්කෘතික කටයුතු අමාත්‍යවරයා ලෙස සිටි කාලයේදී සියලු කටයුතු කළේ මුදල් වැය කළේ ජනතාවගේ සුභසිද්ධිය සඳහා බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

සියලු දේ කළේ නිත්‍යානුකූලව බවද හෙතෙම සඳහන් කළේය.

තමා රටේ සීඝ්‍ර නිවාස සංවර්ධනයක් කළ බවත් ආගමික සංස්කෘතික ක්ෂේත්‍රයේද කඩිනම් වැඩ කොටසක් ඉටු කළ බවත් ඔහු කීවේය.

අද සිටින්නේ  වැඩ කරන එක වරදක් ලෙස දකින කණ්ඩායමක් බවද සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *