ශ්‍රී ලංකාව පසුගිය මා ර් තු මාසයේදී ඇමෙරිකානු ඩොලර් මිලියන 195 ක වාහන මෙරටට ගෙන්වා ඇති බවත් එයට පුද්ගලික මෙන්ම වාණිජ වාහනද ඇතුළත් වන බවත් ශ්‍රී ලංකාව මහ බැංකුව පසුගියදා ප්‍රකාශ කළේය.
ඒ අනුව මෙම වසරේ පළමු කා ර් තුවේදී ශ්‍රී ලංකාව ඇමෙරිකානු ඩොලර් මිලියන 613 ක වාහන මෙරටට ගෙන්වා ඇත. පසුගිය වසරේ වාහන ආනයන සීමා ලිහිල් කිරීමෙන් පසුව අප්‍රේල් මාසයේ සිට මෙරට වාහන ආනයනය ක්‍රමයෙන් වර්ධනය වූ අතර වසර අවසාන වනවිට සමස්ත වාහන ආනයන වියදම ඇමෙරිකානු ඩොලර් බිලියන 2.047 ක් විය.
කෙසේ නමුත් පසුගිය වසරේ පළමු කා ර් තුවේදී මෙරට වාහන ආනයන වියදම ඇමෙරිකානු ඩොලර් මිලියන 61 ක් වූවේය. ඒ අනුව පසුගිය වසරේ පළමු කාර්තුවට සාපේක්ෂව මෙම වසරේ පළමු කාර්තුවේදී වාහන ආනයන වියදම සියයට 900 ක ප්‍රතිශතයකින් ඉහළ ගොස් ඇතත් මෙම වසර අවසාන වනවිට වාහන ආනයනය නැවතත් සාමාන්‍ය තත්වයට පත්වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
වාහන ආනයන සීමා ලිහිල් කිරීමෙන් පසුව පසුගිය වසරේදී වාහන ලක්ෂ දෙකකට වැඩි සංඛ්‍යාවක් මෙරටට ගෙන්වා තිබූ අතර එය තෙවැනි ස්ථානයට වැඩිම වාහන සංඛ්‍යාවක් ගෙන්වූ වසර විය.