මේ වසරේ සංචාරකයින් ලක්ෂ 12කින් රජය ඩොලර් බිලියන 1.5ක ආදායමක් උපයා ගනියි

2026 වසරේ මේ දක්වා ගතවූ කාලය තුළ මෙරටට පැමිණි සමස්ත සංචාරකයින් සංඛ්‍යාව ලක්ෂ 12කට (මිලියන 1.2) ආසන්න වී ඇති බව සංචාරක නියෝජ්‍ය අමාත්‍ය රුවන් රණසිංහ මහතා පවසයි.

කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.

එහිදී ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේ වසරේ මේ දක්වා කාලය තුළ සංචාරක පැමිණීම් හරහා අමෙරිකානු ඩොලර් බිලියන 1.5කට වඩා වැඩි විදේශ විනිමය ආදායමක් මෙරටට උපයා ගැනීමට හැකිවී ඇති බවය.

ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රයේ පවතින මෙම සාධනීය වර්ධනයත් සමග, 2026 වසර සඳහා අපේක්ෂිත මිලියන 2.5ක සංචාරක පැමිණීමේ ඉලක්කය ජය ගැනීමට හැකිවනු ඇතැයි ද නියෝජ්‍ය අමාත්‍ය රුවන් රණසිංහ මහතා පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *