ශානිගේ වදකාගාරයේ සලේව තවදුරටත් තියාගන්නේ නෑ කියන සහතිකය දෙන කල්, සත්‍යග්‍රහය අඛණ්ඩව කරනවා – විමල් වීරවංශ

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ සම්බන්ධයෙන් සිදු කරන විමර්ශන නතර කරන ලෙසට තමන් කිසිදු අවස්ථාවක ප්‍රකාශ කර නොමැති බව ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ පවසනවා.

සිය ඉල්ලීම වන්නේ, හිටපු රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානියාව ශානි අබේසේකරගේ ‘දඩයම් ගුහාවේ, වදකාගාරයේ’ තබාගෙන වද බන්ධනයට ලක් කරන ක්‍රියාදාමය නතර කිරීම බවයි අද (09) මාධ්‍ය වෙත අදහස් දක්වමින් හිටපු මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේ.

සුරේෂ් සලේ රැඳවුම් භාරයේ තබාගෙන ඇත්තේ ජනාධිපතිවරයාගේ නියෝගයක් මත බවත්, උසාවි ‍නියෝගයක් මත නොවන බවත්, මෙම වද බන්ධන ක්‍රියාදාමය නතර කර, ඔහු පිළිබඳව සැකයක් ඇත්නම් සාමාන්‍ය නීතිය පරිදි පරීක්ෂණ සිදු කරන ලෙස ඉල්ලා සිටින බවත් ඔහු සඳහන් කළා.

ශානි අබේසේකරගේ වදකාගාරයේ සුරේෂ් සලේ තවදුරටත් තබා නොගන්නා බවට වන සහතිකය ලබාදෙන තෙක් අඛණ්ඩව තම සත්‍යග්‍රහය ක්‍රියාත්මක කරන බවයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.

comment loading image මහජන ප්‍රතිචාර

Leave a Reply

Your email address will not be published. Required fields are marked *