ජනාධිපතිවරයා තමාගේ තනතුර අත්හැර යන බව චේතනාන්විතවම ප්‍රකාශ කරන්නේ අනුකම්පාව ලබා ගැනීමට බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. මරික්කාර් මහතා පවසනවා.
ඔහු මෙම අදහස් ප්‍රකාශ කලේ ඊයේ(16) මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින්.
ජනාධිපතිවරයා ප්‍රමුඛ ජාතික ජන බලවේග ආණ්ඩුව බාල ගල් අඟුරු ආනයනයෙන් රුපියල් මිලියන 14,000ක පමණ පාඩුවක් සිදු කර, කන්ටේනර් 300ක පමණ ප්‍රමාණයක් අවිධිමත් ලෙස රට තුළට ගෙන එමින්, මහා භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක මුදලක් අස්ථානගතකර ඇති බවද ඔහු එහිදී ප්‍රකාශ කළා.
තවද ආණ්ඩුව විසින් ජනතාවගේ ජීවන තත්වය පහළට ඇද දමා ඇති බවත්, ව්‍යාජ අදහස්වලින් ජනතාවට සිහින පෙන්වා ඔවුන් අතරමංකර ඇති බවත් එස්. එම්. මරික්කාර් මහතා පෙන්වා දුන්නා.
ඒ හේතුන් ජනාධිපතිවරයාට සමාජයෙන් කිසිදු අනුකම්පාවක් නොලැබෙන බවද ඔහු එහිදී වැඩිදුරටත් සඳහන් කළා.