නවීකරණය කිරීමෙන් අනතුරුව පෙරේදා (08) යළි මහජනතාව වෙනුවෙන් විවෘත කළ කොළඹ කොටුව මධ්‍යම බස් නැවතුම නිරීක්ෂණය සඳහා ප්‍රවාහන නියෝජ්‍ය ඇමති ප්‍රසන්න ගුණසේන අද (10) උදෑසන එහි පැමිණියා.
ඒ, කොළඹ කොටුව මධ්‍යම බස් නැවතුම විවෘත කර දිනක් ගතවන ඇතැම් පුද්ගලයින් විසින් එය අපවිත්‍රකර කඩා බිඳ දමා ඇති බවට මාධ්‍ය ඔස්සේ අනාවරණය කිරීමත් සමඟයි.
එහි පැමිණි ප්‍රවාහන නියෝජ්‍යවරයාට, පෙරේදා (08) දිනයේ විවෘත කළ කොළඹ කොටුව මධ්‍යම බස් නැවතුම පුද්ගලයින් විසින් අපවිත්‍රකර කඩා බිඳ දමා ඇති අයුරු දැකගත හැකි වුණා.
මෙහිදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ මෙවැනි ආකාරයේ කටයුතු කරන පුද්ගලයින්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බවයි.
ඇතැම් සංවිධානාත්මක පිරිස් සංවිධානාත්මක ආකාරයට විසින් මෙවැනි අලාභහානි සිදුකර ඇති බවට පවසන නියෝජ්‍ය අමාත්‍යවරයා, කොළඹ කොටුව මධ්‍යම බස් නැවතුම්පොළේ ආරක්ෂක තත්ත්වය තව දුරටත් ඉහළ දැමීමට කටයුතු කරන බවයි පැවසුවේ.