ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ. අද දින (2026 අප්‍රේල් 29) සිට ක්‍රියාත්මක වන පරිදි ඔහු මෙම තීරණය ගෙන ඇත.
සභාපතිවරයාට අමතරව, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විධායක කමිටුවේ සෙසු නිලධාරීන් සහ සාමාජිකයින් ද සිය ඉල්ලා අස්වීමේ ලිපි භාර දී ඇති බව වාර්තා වේ.
මෙම ඉල්ලා අස්වීමේ තීරණය අතිගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත සහ තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා වෙත නිල වශයෙන් දැනුම් දී තිබේ.